Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්!

9 months ago

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අද (25) පැවැත්වෙන ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුව ඇති අතර, ඒ අනුව පෙර තරගයට ක්‍රීඩාකළ කමිල් මිශාර වෙනුවට චරිත් අසලංක කැඳවා ඇත. 

අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් මෙම තරගයේ ජය ශ්‍රී ලංකාවට අනිවාර්ය වේ.