Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රින්කු සිංගේ පියා අභාවප්‍රාප්ත වෙයි

9 months ago

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ පිතිකරු රින්කු සිංගේ පියා වන බාන්වන්ද් සිං මහතා අද (27) අලුයම අභාවප්‍රාප්ත විය. සිව්වන අදියරේ පවතින අක්මා පිළිකාවක් සමඟ දීර්ඝ කාලයක් පොරබදමින් සිටි ඔහු, ග්‍රේටර් නොයිඩා හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මෙලොව හැර ගොස් ඇති බව වාර්තා වේ.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය සංචිතය නියෝජනය කරන රින්කු සිං, තම පියාගේ අසනීප තත්ත්වය දැඩි ලෙස නරක අතට හැරීම හේතුවෙන් මීට දින කිහිපයකට පෙර ඔහුව බැලීමට ගොස් තිබුණි. පියාගේ වියෝව සිදුවන අවස්ථාව වන විට ඔහු යළිත් ක්‍රිකට් කටයුතු සඳහා එක්ව සිටි අතර, ඊයේ පැවති සිම්බාබ්වේ තරගය සඳහා ඔහු නියමිත වේලාවට පැමිණියද, ඔහු වෙනුවට සංජු සැම්සන් ආදේශ කර තිබීම හේතුවෙන් රින්කුට එම තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවීය.

රින්කු සිං අද සිටින ජනප්‍රිය ක්‍රීඩකයා බවට පත් කිරීමේ ප්‍රධානතම ශක්තිය වූයේ බාන්වන්ද් සිං මහතායි. අලිගාර්හි LPG ගෑස් සිලින්ඩර බෙදාහරින්නෙකු ලෙස අතිශය දුෂ්කර ජීවිතයක් ගත කළ ඔහු, පවුලේ පැවති දැඩි මූල්‍ය දුෂ්කරතා මධ්‍යයේ වුවද රින්කුගේ ක්‍රිකට් සිහිනය සැබෑ කිරීමට සියල්ල කැප කළ අයෙකි. තම පුත්‍රයා ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට ඔහු දැක්වූ කැපවීම බොහෝ දෙනාගේ පැසසුමට ලක්වූවකි.