Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉරානයේ සිටින තම පුරවැසියන්ට වහාම පිටවෙන්නැයි අමෙරිකාවෙන් දන්වයි

9 months ago

කිසිදු හේතුවක් මත අමෙරිකානු ජාතිකයන් ඉරානයට සංචාරය නොකළ යුතු බවත්, දැනට එහි රැඳී සිටින සියලුම අමෙරිකානුවන් වහාම ඉන් පිටවිය යුතු බවත් අමෙරිකානු රජය නිවේදනය කර තිබේ. ඉරානය යනු රාජ්‍ය අනුග්‍රහය මත පුද්ගලයන් වැරදි සහගත ලෙස රඳවා තබා ගන්නා රටක් ලෙස නම් කරමින් මෙම නිවේදනය නිකුත් කර ඇත. මීට වසර 47කට පෙර ඉරාන පාලන තන්ත්‍රය බලය අල්ලා ගත් අවස්ථාවේ සිට, දේශපාලන වාසි ලබා ගැනීම සඳහා අහිංසක අමෙරිකානුවන් සහ වෙනත් ජාතිකයන් ප්‍රාණ ඇපයට ගනිමින් ඉරානය අනුගමනය කරන පිළිකුල් සහගත ක්‍රියාවන් වහාම නතර කළ යුතු බව අමෙරිකානු තානාපති කාර්යාලය අවධාරණය කරයි.

විදේශයන්හි අයුක්ති සහගත ලෙස රඳවා තබා ගන්නා අමෙරිකානු පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද විධායක නියෝගය සහ කොන්ග්‍රස් මණ්ඩලය විසින් සම්මත කරන ලද “2025 වැරදි සහගත ලෙස රඳවා තබා ගැනීමට එරෙහි පනත” (Countering Wrongful Detention Act of 2025) යටතේ ඉරානය මෙලෙස නම් කිරීමට රාජ්‍ය දෙපාර්තමේන්තුවට බලය ලැබී ඇත. ඉරානය මෙම ක්‍රියාවන් නතර නොකරන්නේ නම්, අමෙරිකානු ගමන් බලපත්‍ර භාවිතය සම්බන්ධයෙන් භූගෝලීය සංචාරක සීමාවන් පැනවීමට ද අවධානය යොමු කර තිබේ. දැනට ඉරානය තුළ රඳවා සිටින සියලුම අමෙරිකානුවන් නිදහස් කළහොත් පමණක් මෙම දැඩි ක්‍රියාමාර්ග ලිහිල් කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.