ප්‍රකට නළුවෙකු මෙන්ම දේශපාලනඥයෙකු ද වන තලපති විජේගේ බිරිඳ වන සංගීතා විජේ, තම සැමියාගෙන් දික්කසාදය ඉල්ලා චෙංගල්පට්ටු අධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබේ.
1954 විශේෂ විවාහ පනත යටතේ ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම මගින් ඇය පෙන්වා දී ඇත්තේ තම විවාහය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි මට්ටමට බිඳ වැටී ඇති බවයි. විජේ විසින් වෙනත් නිළියක සමඟ පවත්වන අනියම් සබඳතාවක් හේතුවෙන් තමා දැඩි මානසික පීඩාවකට සහ නොසලකා හැරීමට ලක් වූ බව ඇය සිය පෙත්සම මගින් වැඩිදුරටත් චෝදනා කර ඇත.
තම පවුලේ පෞද්ගලිකත්වය සහ දරුවන්ගේ මානසික සුවය සැලකිල්ලට ගනිමින්, මෙම නඩු විභාගය අප්‍රසිද්ධියේ පවත්වන ලෙසත්, මේ පිළිබඳව මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා තිබේ. මෙම දික්කසාද පෙත්සමට අදාළ පළමු අධිකරණ විභාගය ලබන අප්‍රේල් මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය.
