ඊශ්‍රායල හමුදාව විසින් ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් ඉලක්ක කරගනිමින් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව වාර්තා වේ. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා මෙම ප්‍රහාරය තහවුරු කර ඇති අතර, ඉරානය විසින් පසුගිය සමයේ එල්ල කරන ලද ප්‍රහාරයන්ට ප්‍රතිචාරයක් ලෙස මෙය දියත් කළ බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
ටෙහෙරාන් අගනුවර ප්‍රදේශ කිහිපයකින් ප්‍රබල පිපිරීම් හඬ ඇසුණු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන අතර, ප්‍රහාරයේ ඉලක්ක සහ සිදු වූ හානිය පිළිබඳව මේ වන විට තොරතුරු රැස් කරමින් පවතී.
ප්‍රහාරය එල්ල කිරීමෙන් අනතුරුව, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා සිය පුරවැසියන්ට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඉරානයෙන් එල්ල විය හැකි ප්‍රතිප්‍රහාරයන්ට මුහුණ දීමට සූදානම්ව සිටින ලෙසයි. හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසත්, උපරිම අවධානයෙන් පසුවන ලෙසත් ඔහු ජනතාවට දන්වා තිබේ.
