Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සනත් ජයසූරිය අද සමුගනී

9 months ago

මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (28) රාත්‍රී 7.00ට ආරම්භ වන ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි20 ලෝක කුසලාන තරගය, ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා එම ධුරය හොබවන අවසන් තරගය බවට පත්ව තිබේ.

මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව තමන් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත්වන බවට ජයසූරිය මහතා තරගාවලිය ආරම්භයට පෙර සිටම ප්‍රකාශ කර තිබුණි. සිය කොන්ත්‍රාත්තු කාලය තවදුරටත් ඉතිරිව තිබුණද, එම ධුරයේ රැඳී සිටීමේ අදහසක් තමන්ට නොමැති බව ඔහු තහවුරු කර ඇත.

2024 ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහි තරගාවලියේදී තාවකාලික පුහුණුකරු ලෙස වගකීම භාරගත් සනත් ජයසූරිය මහතා, එම වසර අවසානයේදී පූර්ණ කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරිණි. ඔහුගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර පිටියේ කැපී පෙනෙන වෙනසක් සිදු කිරීමට සමත් වූ අතර, ඔහුගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකාව සියලුම ආකෘතිවලින් තරග 74කට මුහුණ දී තිබේ.

ඉන් තරග 34ක් ජයග්‍රහණය කර ඇති අතර පරාජයන් 38කට මුහුණ දී ඇත. තරග 2ක් ජය පරාජයෙන් තොරව අවසන් විය.