Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙදෙනෙකුට අද තරගය අහිමි වන ලකුණු

9 months ago

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය හෙට (28) පාකිස්තානයට එරෙහිව මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා එම ධුරය දරන අවසන් තරගය ලෙස ද සනිටුහන් වේ.

පාකිස්තානයට එරෙහි මෙම තීරණාත්මක තරගයට පෙර ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් දෙකක් සිදු කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් ඔහුට හෙට තරගය අහිමි වී ඇති අතර, ඒ වෙනුවට කමිල් මිෂාර කණ්ඩායමට කැඳවා ඇත. හෙට තරගයේ කඩුලු රැකීමේ වගකීම ද කමිල් මිෂාර වෙත පැවරෙනු ඇති බව වාර්තා වේ.

දුෂාන් හේමන්ත ඔහුට ද හෙට තරගය අහිමි වී ඇති අතර, ඒ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ජනිත් ලියනගේ කණ්ඩායමට එක්වීමට නියමිතය.