2026 පන්දුවාර 20 ලෝක කුසලානයේ අද (28) පැවැත්වෙන සුපිරි අට වටයේ ශ්‍රී ලංකා – පාකිස්ථාන තරගයේ කාසියේ වාසිය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ඒ අනුව කණ්ඩායම් නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි.
ශ්‍රී ලංකාව සුපිරි අට වටයේ ක්‍රීඩාකළ තරග දෙකම පරාජය වී ඇති අතර, පාකිස්ථානය ක්‍රීඩාකළ තරග දෙකෙන් එක් තරගයක් පරාජය වී තිබෙනවා.
තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 07.00ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
