2026 පන්දුවාර 20 ලෝක කුසලානයේ අද (28) පැවැත්වෙන සුපිරි අටදෙනාගේ වටයේ ශ්‍රී ලංකා – පාකිස්ථාන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය ලකුණු 212ක් රැස් කළා.
ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී යාමෙන්.
අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට පාකිස්ථානයට ආරාධනා කළා.
ඒ අනුව, විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සහිබ්සාඩා ෆර්හාන් ලකුණු 100ක්ද, ෆකාර් සමාන් ලකුණු 84ක්ද, රැස් කළා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන්, ඩිල්ෂාන් මධුෂංක කඩුළු 03ක්ද, දසුන් ශානක කඩුළු 02ක්ද, දුෂ්මන්ත චමීර එක් කඩුල්ල බැගින් ද දවාගත්තා.
