ඉරානයේ උත්තරීතර නායකත්වයට අයත් සියලුම රාජ්‍ය වගකීම් සහ මෙහෙයවීම් තාවකාලිකව ක්‍රියාත්මක කිරීම සඳහා තිදෙනෙකුගෙන් යුත් පාලක මණ්ඩලයක් පත් කළ බව ඉරාන රජය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
රට තුළ පවතින උග්‍ර යුධමය තත්ත්වය සහ ආරක්ෂක අර්බුදය හමුවේ පාලන තන්ත්‍රය අස්ථාවර වීම වැළැක්වීම මෙහි අරමුණයි.
මෙම මණ්ඩලයට, වත්මන් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian): අධිකරණ ප්‍රධානියා (Chief of the Judiciary): හා ඉරාන අධිකරණ පද්ධතියේ ඉහළම නිලධාරියා (Jurist of the Guardian Council): අයත්.
සාමාන්‍යයෙන් ඉරානයේ සියලුම තීරණාත්මක බලතල පවතින්නේ උත්තරීතර නායක (Supreme Leader) අයතුල්ලා අලි කමේනි සතුවය.
මෙම මණ්ඩලය විසින් යුධ මෙහෙයුම්, විදේශ ප්‍රතිපත්ති සහ රටේ අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ සියලුම තීරණ ගනු ලබනු ඇත.
