Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තෙල් නැව් තුනකට මිසයිල ප්‍රහාර

9 months ago

හෝමුස් සමුද්‍ර සන්ධිය සහ පර්සියානු ගල්ෆ් කලාපයේ යාත්‍රා කරමින් තිබූ අමෙරිකාවට සහ බ්‍රිතාන්‍යයට අයත් තෙල් නැව් තුනකට මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කර තිබේ.

ඉරාන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන IRNA වාර්තා කරන පරිදි, මෙම ප්‍රහාරවලින් පසු අදාළ නෞකා ගිනි ගනිමින් පවතින බව ඉරානය සඳහන් කරයි.

කෙසේ වෙතත්, අමෙරිකානු හෝ බ්‍රිතාන්‍ය බලධාරීන් මෙම වාර්තා මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති වුවද, බ්‍රිතාන්‍ය සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) පවසන්නේ අදාළ මුහුදු කලාපයේ නෞකා දෙකක ගින්නක් හටගෙන ඇති බවයි.

නමුත් එම නෞකා අයත් රටවල් පිළිබඳව ඔවුන් තවමත් නිශ්චිත ප්‍රකාශයක් සිදු කර නොමැත.