ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) ඇයගේ නිවසේදී ඝාතනයට ලක්ව ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනී නාළිකාව නිල වශයෙන් තහවුරු කර තිබේ.
ඇය මීට පෙර කෝමා තත්ත්වයෙන් පසුවන බවට මාධ්‍ය වාර්තා පළ වූ අතර, මෙම මරණයත් සමඟ ඉරාන ඉහළ පෙළේ නායකත්වයේ පවුලේ සාමාජිකයන් ඉලක්ක කරගත් ප්‍රහාර මාලාව තවදුරටත් තහවුරු වී ඇත.
ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව සිදුකළ දරුණු ගුවන් ප්‍රහාර හේතුවෙන් අයතුල්ලා අලි කමේනිගේ දියණියක සහ මුණුපුරෙකු ද මීට පෙර ඝාතනයට ලක්ව ඇති බව ඉරාන ප්‍රවෘත්ති මූලාශ්‍ර වාර්තා කළේය.
කමේනි සහ ඔහුගේ බිරිඳට පුතුන් හතර දෙනෙකු සහ දියණියන් දෙදෙනෙකු ඇතුළුව දරුවන් හය දෙනෙකු සිටින බව විදේශ වාර්තාවල සඳහන් වේ
