ඉරානයට එරෙහිව දියත් කර ඇති හමුදා මෙහෙයුම්වල වඩාත්ම ප්‍රබල අවදිය ඉදිරියේදී ක්‍රියාත්මක වන බවත්, මෙම ගැටුම මීට පෙර ඇස්තමේන්තු කළ සති 4ත් 5ත් අතර කාලයට වඩා වැඩි කාලයක් පවතිනු ඇති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අවධාරණය කරයි. ධවල මන්දිරයේ සිට මාධ්‍ය ඇමතූ ජනාධිපතිවරයා, මෙම යුදමය ක්‍රියාමාර්ගය පිටුපස ඇති ප්‍රධාන ඉලක්ක තුනක් මෙලෙස පැහැදිලි කළේය:
- පළමු ඉලක්කය: ඉරානයේ මිසයිල පද්ධති සහ ඔවුන් සතු ප්‍රහාරක හැකියාවන් සම්පූර්ණයෙන්ම විනාශ කිරීම.
- දෙවන ඉලක්කය: ඉරාන නාවික හමුදාව සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කර ඔවුන්ගේ සාගර බලය බිඳ දැමීම.
- තෙවන ඉලක්කය: ලොව ප්‍රධානතම ත්‍රස්තවාදී අනුග්‍රාහකයා ලෙස හඳුන්වන ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීමට ඉඩ නොතැබීම.
“මෙම අශිෂ්ට පාලනයෙන් එල්ල වන දරාගත නොහැකි තර්ජන තුරන් කිරීමට අපට ලැබුණු අවසන් සහ හොඳම අවස්ථාව මෙයයි” යනුවෙන් ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
