Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැද පෙරදිග අර්බුදය මැද ඉන්ධන මිල සංශෝධනය ගැන ඛනිජ තෙල් සභාපතිගෙන් විශේෂ දැනුම්දීමක්

9 months ago

මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුද වාතාවරණය හමුවේ වුවද, මෙරට පාරිභෝගිකයන්ට සහනයක් වෙමින් මෙම මාසය තුළ ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) තහවුරු කරයි.

අද (03) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී එම සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කළේ, ජනතාවට අනවශ්‍ය පාඩුවක් නොවන අයුරින් වර්තමාන මිල ගණන් පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවයි.

සංස්ථාව විශාල ලාභයක් නොලබන අතරම ජනතාව පීඩාවට පත් නොවන ලෙස මිල තීරණය කරන බව සභාපතිවරයා අවධාරණය කළේය.

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑමේ ප්‍රවණතාවක් පවතී.