Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉරානය ගැන රුසියාවෙන් ප්‍රකාශයක්

9 months ago

ඉරානය න්‍යෂ්ටික අවි නිපදවන බවට තහවුරු කළ හැකි කිසිදු සාක්ෂියක් මොස්කව් පාලනය මෙතෙක් දැක නොමැති බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මහතා ප්‍රකාශ කළේය.

පවතින යුද්ධය සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් කළ එකම සහ ප්‍රධානතම හේතුව එය වුවද, එවැනි ක්‍රියාවලියක් පිළිබඳ සාක්ෂි තමන් වෙත ලැබී නොමැති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ඉරානය ඉලක්ක කර ගනිමින් එල්ල වන ප්‍රහාරවල බලපෑම මේ වන විට මුළු කලාපය පුරාම ව්‍යාප්ත වෙමින් පවතින බව පෙන්වා දුන් ලැව්රොව් මහතා, මෙහි ආර්ථික පිරිවැය දැරීමට විශේෂයෙන්ම අරාබි රටවලට සිදුව ඇති බව ප්‍රකාශ කළේය.

මෙම ගැටුම් හේතුවෙන් සිදුවන දේපළ හානි සහ ජීවිත හානි හමුවේ අසල්වැසි රටවල් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවද රුසියානු විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.