ලෝක කුසලාන තරගාවලියේදී දැක්වූ දුර්වල දක්ෂතා සැලකිල්ලට ගනිමින් පාකිස්ථාන සංචිතයේ සියලුම ක්‍රීඩකයින්ට රුපියල් මිලියන 5 බැගින් (ඇමරිකානු ඩොලර් 18,000ක් පමණ) දඩ පැනවීමට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන ඇති බව ක්‍රික්ඉන්ෆෝ (Cricinfo) වෙබ් අඩවිය වාර්තා කරයි.
කිසිදු විනය විරෝධී ක්‍රියාවක් නිසා නොව, හුදෙක් ක්‍රීඩා දක්ෂතා මත පදනම්ව මෙලෙස දඩයක් පැනවීම ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ ඉතා දුර්ලභ සිදුවීමක් ලෙස සැලකේ.
පාකිස්ථාන ඉතිහාසයේ පළමු වතාවට අඛණ්ඩව සිව්වැනි වරටත් ICC පිරිමි තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වීම මෙම දැඩි තීරණයට ප්‍රධාන හේතුව වී තිබේ.
විශේෂයෙන්ම මූලික වටයේදී ඉන්දියාව හමුවේ ලැබූ ලකුණු 61ක දරුණු පරාජයෙන් පසු මෙම දඩය පැනවීමට තීරණය කර ඇති අතර, කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසියේ නම් එම දඩය ඉවත් කරන බවට ද ක්‍රීඩකයින්ට දන්වා තිබූ බව වාර්තා වේ.
මීට පෙර ද ආසියානු කුසලාන අවසන් මහා තරගයේ පරාජයෙන් පසු ක්‍රීඩකයින්ට විදෙස් ලීග සඳහා සහභාගී වීමට ලබා දෙන අවසර පත්‍ර (NOC) අත්හිටුවීමට ද පාකිස්ථාන බලධාරීන් කටයුතු කර තිබුණි
