මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ඉරානය සියලුම ආහාර සහ කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.
ඉරානයේ තස්නිම් පුවත් ඒජන්සිය (Tasnim news agency) රජයේ නිවේදනයක් උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේ, නැවත දැනුම් දෙනතුරු මෙම තහනම බලපැවැත්වෙනු ඇති බවයි.
මෙම තීරණයට මූලික හේතුව වී ඇත්තේ කලාපීය යුද්ධය හේතුවෙන් ඇති විය හැකි ආහාර හිඟයකින් සිය රටේ ජනතාව ආරක්ෂා කර ගැනීමයි.
ඒ අනුව ඉරාන ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සහ රට තුළ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා රජය සිය උපරිම ප්‍රමුඛතාවය ලබා දීමට තීරණය කර ඇති බව එම පුවත් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
