Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නෙදර්ලන්තය හමුවේ ලැබූ නොසිතූ පරාජය හේතුවෙන් දකුණු අප්‍රිකාව ලෝක කුසලානයෙන් ඉවතට විසි වෙයි

4 years ago

20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරගයකින් දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කිරීමට නෙදර්ලන්තය සමත් විය.

ඒ අනුව අද (06) ඇඩිලේඩ් ක්‍රීඩාංගනයේ පැවති තරඟය ලකුණු 13කින් ජය ගැනීමට නෙදර්ලන්තය සමත්විය.

ඒ සමගම ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව දකුණු අප්‍රිකාව ට අහිමි විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 158ක් ලබා ගත්තේය.

නමුත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ට රැස් කළේ කඩුලු 8ක් දැවී ලකුණු 145ක් පමණි.

දකුණු අප්‍රිකාව ලැබූ මෙම පරාජයත් සමඟ දෙවන කාණඩයෙන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය.

අද පවත්වන පාකිස්තානය හා බංගලාදේශය අතර තරගයෙන් ජය ගනු ලබන කණ්ඩායමටද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා අවස්ථාව හිමි වේ.