Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යුද්ධයෙන් ඊශ්‍රායල ආර්ථිකයට දැඩි බලපෑම්! පාඩුව ඩොලර් බිලියන 2.9ක්!

9 months ago

ඉරානය සමඟ පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ ඊශ්‍රායල ආර්ථිකයට සිදුවන සතිපතා හානිය අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක් දක්වා ඉහළ යා හැකි බව එරට මුදල් අමාත්‍යාංශය අනතුරු අඟවයි. ඊශ්‍රායල මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, මෙම දැවැන්ත මූල්‍ය අලාභය කෙරෙහි කරුණු කිහිපයක් සෘජුවම බලපා තිබේ.

එරට නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වීම, ආරක්ෂක වියදම් පෙර නොසිතූ ලෙස ඉහළ යාම සහ දෛනික ව්‍යාපාරික කටයුතුවලට එල්ල වී ඇති දැඩි බාධා මෙම ගණනය කිරීම් සඳහා මූලික වී ඇත. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින අවිනිශ්චිතභාවය හේතුවෙන් විදේශීය ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රය දරුණු පසුබෑමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගැටුම දීර්ඝකාලීනව පැවතුණහොත් ඊශ්‍රායලයේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) සහ මූල්‍ය ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති. යුද වියදම් පියවා ගැනීම සඳහා රජයට අමතර පීඩනයක් එල්ල වීම හරහා එරට පොදු සේවාවන් සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කරන ප්‍රතිපාදන කප්පාදු වීමේ අවදානමක් ද මතුව තිබේ.