Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නවසීලන්තයට පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ අවසාන තරගයේ දොරටු විවර වෙයි

9 months ago

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ අද පැවති නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගයේ ජය තහවුරු කර ගැනීමට නවසීලන්තය සමත් වුණා.

ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 09කින් පරාජයට පත්කරමින්.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළ අතර එහිහී දකුණු අප්‍රිකාව කඩුලු 08ක් දැවී 169ක් ලබා ගත්තා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් Dewald Brevis පන්දු 27ක් තුල ලකුණු 34ක් රැස්කර ගැනීමට සමත් වුණා.

Tristan Stubbs ට ලබා ගත හැකි වූයෙ ලකුණු 29ක් පමණයි.

ඒ අනුව නවසීලන්තයට ලකුණු 170ක ඉලක්කයක් හිමිවනු ඇති.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමේ Finn Allen නොදැවී ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වුනා.

Tim Seifert ලකුණු 58ක් රැස්කර ගත්තා.

ඒ අනුව පන්දුවාර 12යි පන්දු 05ක් තුළ කඩුලු 01ක් පමණක් දැවී ලකුණු 173ක් ලබා ගත් නවසීලන්තය තම ජය තහවුරු කර ගත්තා.