Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුවේට් මුහුදේදී තෙල් නැවක් අසල පිපිරීමක්! නෞකාවෙන් තෙල් කාන්දුවක්!

9 months ago

කුවේට් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ තෙල් නෞකාවක් අසල ප්‍රබල පිපිරීමක් සිදුව ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම (UKMTO) වාර්තා කරයි.

කුවේටයේ මුබාරක් අල් කබීර් වරායට නාවික සැතපුම් 30ක් ගිනිකොණ දෙසින් මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, පිපිරීමත් සමඟ අදාළ නෞකාවෙන් තෙල් කාන්දුවක් ආරම්භ වී තිබේ.

මෙම අනතුර හේතුවෙන් කලාපීය මුහුදු තීරයට දැඩි පාරිසරික බලපෑමක් එල්ල වීමේ අවදානමක් පවතින බව UKMTO පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, පිපිරීමෙන් පසු නෞකාව තුළ ගින්නක් හටගෙන නොමැති අතර එහි සිටි කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකයන් ආරක්ෂිතව පසුවන බව ද තහවුරු කර ඇත.