ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමේදී අමෙරිකානු ජනාධිපතිවරයාට පනවා තිබූ සීමාවන් තවදුරටත් පවත්වාගෙන යාම සඳහා අමෙරිකානු සෙනට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්ව තිබේ.
ඡන්ද 53කට 47ක් ලෙස එම යෝජනාව පරාජය වීමත් සමඟ, කොංග්‍රස් මණ්ඩලයේ පූර්ව අනුමැතියකින් තොරව ඉරානයට එරෙහිව දැඩි තීරණ ගැනීමට ජනාධිපතිවරයාට පැවති බාධාවන් ඉවත් වී ඇත.
