Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක්

9 months ago

අද (05) අලුයම ඉරානයේ සිට ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල වූ බව ඊශ්‍රායල හමුදාව තහවුරු කර තිබේ.

එල්ල වූ ප්‍රහාර හේතුවෙන් මෙතෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව ඊශ්‍රායල හදිසි සේවා උපුටා දක්වමින් AFP පුවත් සේවය සඳහන් කරයි.

ප්‍රහාරත් සමඟ පැය දෙකක කාලයක් පුරා ප්‍රදේශ කිහිපයක අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර තිබුණි.

මිසයිල ප්‍රහාර එල්ල වන අවස්ථාවේදී ජෙරුසලම් නගරය අවට ප්‍රබල පිපිරීම් හඬවල් ඇසුණු බව මාධ්‍ය වාර්තාකරුවන් පවසා ඇත.