ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය පිළිබඳ අවසන් තීරණය ඉදිරි දින දෙක ඇතුළත ප්‍රකාශ කරන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අද (05) පැවසීය.
විස්සයි විස්ස සහ එක්දින තරගාවලිය එළඹෙන 13 වනදා සිට ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණි.
මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එහි සත්කාරකත්වය ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය විසින් දරනු ලබයි.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් තරගාවලිය පැවැත්වීම පිළිබඳව මේ වන විට අවිනිශ්චිතතාවයක් මතුව තිබේ.
