ඉරාන නෞකාවට එල්ල වූ ප්‍රහාරය සඳහා ඉන්දීය වරායක් යොදාගත් බවට අමෙරිකාව එල්ල කළ චෝදනා ඉන්දීය රජය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මේ බව අවධාරණය කළේ අමෙරිකානු හමුදා ප්‍රධානියෙකු එරට මාධ්‍ය වෙත කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.
ඉරාන නාවික හමුදාවට අයත් ‘අයිරිස් ඩෙනා’ (IRIS Dena) නම් යුද නෞකාව අමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකින් ගාලු මුහුදේදී මුහුදුබත් වූ බව අමෙරිකාව තහවුරු කර ඇත.
ගාලු ධීවර වරායට නාවික සැතපුම් 40ක් පමණ දුරින් අනතුරට පත් මෙම නෞකාවේ සිටි පුද්ගලයන් 32 දෙනෙකු ජීවග්රහයෙන් බේරාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් විය. ඔවුන් දැනට ගාල්ල ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
නාවික හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී පුද්ගලයන් 84 දෙනෙකුගේ මෘතශරීර මේ වන විට ගොඩබිමට රැගෙන විත් තිබේ.
