ඉරානයට එල්ල වූ දරුණු ප්‍රහාර මාලාවක් හමුවේ එරට සුප්‍රසිද්ධ Azadi ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණය මුළුමනින්ම පාහේ විනාශ වී ඇති බව ඉරාන රාජ්‍ය විකාශන සේවය වාර්තා කර තිබේ.
වසර ගණනාවක් පුරා ජාත්‍යන්තර පාපන්දු තරග සහ විවිධ ක්‍රීඩා ඉසව් සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස භාවිත වූ මෙම ක්‍රීඩාංගණයට එල්ල වූ ප්‍රහාරයත් සමඟ එහි විශාල ප්‍රදේශයක් ගිනිගෙන ඇති බව වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසයි.
රහාරයෙන් ක්‍රීඩාංගණයේ ව්‍යුහයට දැඩි හානි සිදුව ඇති බවත්, එහි ප්‍රධාන පීඨිකා සහ ක්‍රීඩා පිටිය විනාශ වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ආසියාවේ විශාලතම ක්‍රීඩාංගණයක් වන මෙය ප්‍රේක්ෂකයින් 78,000කට වැඩි පිරිසකට පහසුකම් සලසන, ඉරාන ජාතික පාපන්දු කණ්ඩායමේ නිවහන බඳු වූ ඓතිහාසික ස්ථානයකි.
