Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා තේරීමට මා මැදිහත් විය යුතුයි – ට්‍රම්ප්

9 months ago

මැදපෙරදිග දේශපාලන කරළිය උඩුයටිකුරු කරමින්, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා තේරීමේ ක්‍රියාවලියට අමෙරිකාව සෘජුව මැදිහත් විය යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ට්‍රම්ප්ගේ අරමුණ වී ඇත්තේ ඉරානය තුළ අමෙරිකානු හිතවාදී නව පාලන පද්ධතියක් ස්ථාපිත කිරීමයි.

මෑතකදී ඝාතනයට ලක් වූ උත්තරීතර නායක අලි කමේනිගෙන් පසුව ඔහුගේ පුත් මොජ්ටාබා (Mojtaba) එම ධුරයට පත් කිරීමට දරන උත්සාහයට ට්‍රම්ප් සිය දැඩි විරෝධය පළ කර ඇත.

මොජ්ටාබා යනු “සැහැල්ලු” චරිතයක් බව පවසන ට්‍රම්ප්, එවැනි පත්වීමක් හරහා ඉරානය කාලය නාස්ති කරන බවත්, මෙම තීරණාත්මක පත්වීමට තමන් මැදිහත් විය යුතු බවත් අවධාරණය කළේය.

මෙහිදී ඔහු විශේෂ උදාහරණයක් ලෙස පෙන්වා දුන්නේ වෙනිසියුලාවේ දේශපාලන පෙරළියයි. නිකොලස් මදුරෝ අමෙරිකානු හමුදා භාරයට පත්වීමෙන් පසු එරට නායකත්වයට පත් වූ ඩෙල්සි රොඩ්රිගස් (Delcy Rodriguez) වැනි ප්‍රබල නායකයෙකු ඉරානයට ද අවශ්‍ය බව ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබේ.