මැදපෙරදිග යුද උණුසුම මධ්‍යයේ වුවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ඊළඟ දේශපාලන ඉලක්කය ලෙස කියුබාව නම් කර තිබේ.
ඊයේ (05) ධවල මන්දිරයේදී ‘ඉන්ටර් මියාමි’ පාපන්දු කණ්ඩායම හමු වූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ, ඉරානය සමඟ පවතින ගැටුම අවසන් වූ වහාම කියුබානු රජය පෙරළා දැමීමේ මෙහෙයුම් යළි ආරම්භ කරන බවයි.
මෙහිදී කියුබාව සම්බන්ධයෙන් අමෙරිකානු රජය ගෙන යන දැඩි ප්‍රතිපත්තිය අගය කළ ට්‍රම්ප්, ඒ වෙනුවෙන් “අතිවිශිෂ්ට කාර්යභාරයක්” ඉටු කරන බව පවසමින් රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝට විශේෂ ස්තූතියක් ද පළ කළේය.
කියුබාවේ කොමියුනිස්ට් පාලනය බිඳ දැමීමේ අරමුණින් එරටට එරෙහි ආර්ථික සම්බාධක තවදුරටත් දැඩි කිරීමට අමෙරිකාව පියවර ගෙන ඇති අතර, හවානා රජය වෙත එල්ල කරන බලපෑම් ද මේ වන විට උත්සන්න කර තිබේ.
