මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුද වාතාවරණය තවදුරටත් තීව්ර කරමින්, හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආසන්නයේදී නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) උපුටා දක්වමින් මෙම පුවත වාර්තා කර ඇති අතර, අදාළ සිදුවීම ඕමානයට උතුරින් නාවික සැතපුම් හයක් පමණ දුරින් සිදුව ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් තහවුරු කිරීමක් සිදු කර නොමැති බව බීබීසී (BBC) ලෝක සේවය වාර්තා කරයි.
දැනට ලැබී ඇති තොරතුරු ‘තෙවන පාර්ශවයකින්’ ලැබුණු ඒවා බවත්, අදාළ බලධාරීන් විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වමින් සිටින බවත් වාර්තා වේ.
