Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රේගු බද්දේ සිදුවන වෙනස්කම් ගැන වාහන ආනයනකරුවන්ගෙන් පැහැදිලි කිරීමක්

9 months ago

2026 අප්‍රේල් 01 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිත වාහන ආනයන බදු සංශෝධන පිළිබඳව වාහන ආනයනකරුවන්ගේ සංගමය වැදගත් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

මෙම සංශෝධනය මගින් බදු ව්‍යුහයේ අභ්‍යන්තර වෙනස්කම් සිදු වුවද, සමස්ත බදු බරෙහි විශාල වෙනසක් සිදු නොවන බව ඔවුන් පෙන්වා දෙයි.

දැනට පවතින 20%ක රේගු ආනයන බදු අනුපාතය 30% දක්වා ඉහළ නංවා ඇත.

මීට පෙර පැවති 50%ක රේගු ආනයන බදු අධිභාරය නව ගැසට් නිවේදනයක් මගින් ඉවත් කිරීමට නියමිතය.

CID බද්ද වැඩි වුවද අධිභාරය ඉවත් කිරීම නිසා රේගු බදු සංරචකයේ ශුද්ධ වෙනසක් සිදු නොවේ.

අප්‍රේල් 01 සිට ආනයන අවස්ථාවේදී 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) පමණක් අමතර පිරිවැයක් ලෙස එක්වනු ඇත.