Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වසර දෙකකට පසු බොරතෙල් මිලෙහි ඉහළම අගය වාර්තා වෙයි

9 months ago

මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (06) දිනයේදී පමණක් බොරතෙල් මිලෙහි 9%ක සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබුණු අතර, ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල මේ වන විට අමෙරිකානු ඩොලර් 93 සීමාව ඉක්මවා ගොස් තිබේ.

මෙලෙස බොරතෙල් මිල ඩොලර් 90 සීමාව පසුකර ඉහළ ගියේ වසර දෙකකට පසුව වීම විශේෂත්වයකි. මීට පෙර මෙවැනි ඉහළ අගයක් වාර්තා වී තිබුණේ 2023 වසරේ සැප්තැම්බර් – නොවැම්බර් කාලසීමාව තුළදීය.