Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කමේනිගෙන් පසු ඉරානය කා අතටද? මොජ්තාබා කමේනි ගැන ලෝකයේම අවධානය!

9 months ago

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයත් සමඟ එරට මීළඟ නායකයා කවුරුන් වනු ඇත්ද යන්න පිළිබඳව ලෝක අවධානය යොමු වී තිබේ. විදේශ මාධ්‍ය සහ දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ කමේනිගේ දෙවන පුත්‍රයා වන 56 හැවිරිදි මොජ්තාබා කමේනි (Mojtaba Khamenei) ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත්වීමට වැඩි ඉඩකඩක් පවතින බවයි.

කවුද මේ මොජ්තාබා කමේනි?

1969 සැප්තැම්බර් 8 වන දින ඉරානයේ මොසාඩ් නගරයේ උපත ලැබූ මොජ්තාබා, වයස අවුරුදු 17 දී ඉරාන-ඉරාක් යුද්ධයට ද දායක වී තිබේ. ඔහු ආගමික පසුබිමකින් පැමිණි අයෙකු වුවද, ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) සමඟ ඉතා සමීප සම්බන්ධතා පවත්වන බව විදේශ විශ්ලේෂකයෝ පවසති. 1999 දී ශියා දාර්ශනික චින්තනය සහ ඉස්ලාමීය නීතිය පිළිබඳ අධ්‍යයනය ආරම්භ කළ ඔහු, වර්තමානයේ මධ්‍යම මට්ටමේ පූජකවරයෙකු ලෙස සැලකේ.

පූජක ලෝගුවට පිටුපස සිටින ‘බලවතා’

මොජ්තාබා කමේනි ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ පෙනී සිටින්නේ ඉතා සීමිතව වුවද, ඔහු ඉරාන පාලනය තුළ ප්‍රබල බලපෑමක් සිදුකරන පුද්ගලයෙකි. 2000 වසරේදී විකිලීක්ස් (WikiLeaks) වෙබ් අඩවිය ඔහුව හඳුන්වා දුන්නේ “පූජක ලෝගුවට පිටුපස සිටින බලවතා” ලෙසයි. විශේෂයෙන්ම 2009 වසරේ ජනාධිපතිවරණ සමයේ ඇති වූ විරෝධතා මර්දනය කිරීමේ ක්‍රියාවලිය පිටුපස ඔහු ප්‍රබල භූමිකාවක් ඉටු කළ බවට තොරතුරු වාර්තා වේ.

නායකයා තෝරා ගැනීමේ අභියෝගය

ඉරානයේ උත්තරීතර නායකයා තෝරා ගැනීමේ වගකීම ‘Assembly of Experts’ සභාවට හිමි වේ. නව නායකයා වීමට ඉදිරිපත් වන්නෙකු ඉස්ලාමීය නීතිය පිළිබඳ අතිමහත් දැනුමක් මෙන්ම දේශපාලන නායකත්ව හැකියාවක් ද සතු කරගත යුතුය. මෑතක සිට මොජ්තාබා හැඳින්වීම සඳහා ‘අයතුල්ලා’ යන ගෞරව නාමය භාවිත කිරීම ද ඔහු මීළඟ නායකයා වීමේ පෙර නිමිත්තක් ලෙස විචාරකයෝ දකිති.

කෙසේ වෙතත්, බලය පියාගෙන් පුතුට සෘජුවම මාරු වීම ඉරාන විප්ලවීය මූලධර්මවලට පටහැනි බවට ද විවේචන පවතී. ඉරානයේ පළමු උත්තරීතර නායක රුහොල්ලා කුමේනිගේ මරණයෙන් පසු 1989 දී බලයට පත් වූ අලි කමේනිගෙන් පසුව, මොජ්තාබා එම ධුරයට පත්වීම ඉරාන රාජ්‍යයේ ඉදිරි ගමන තීරණය කරන තීරණාත්මක සාධකයක් වනු ඇත.