Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ටෙහෙරානයේ ඉන්ධන ගබඩාවකට ප්‍රහාරයක්

9 months ago

ඉරානයේ අගනුවර වන ටෙහෙරානය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) විසින් ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කර ඇති අතර, ඉන් දකුණු ටෙහෙරානයේ පිහිටි ප්‍රධාන ඉන්ධන ගබඩාවකට දැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) අනුබද්ධ ‘ෆාර්ස්’ (Fars) ප්‍රවෘත්ති ඒජන්සිය උපුටා දක්වමින් වාර්තා වන්නේ, ටෙහෙරානය දෙසට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලය නිල වශයෙන් නිවේදනය කර සුළු වේලාවකින් මෙම පිපිරීම් වාර්තා වූ බවයි.