මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර දේශපාලනික නොසන්සුන්තාව හමුවේ සෞදි අරාබිය විසින් ඉරානය වෙත ඉතා තීරණාත්මක පණිවිඩයක් නිකුත් කර තිබේ.
රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, සෞදි රජය අවධාරණය කර ඇත්තේ අමෙරිකාව සහ ඉරානය අතර ගැටුමට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සෙවීමට තමන් සූදානම් වුවද, තම රටේ ආරක්ෂාවට තර්ජනයක් වුවහොත් ඊට නිසි ප්‍රතිචාර දක්වන බවයි.
විශේෂයෙන්ම සෞදි අරාබියේ බලශක්ති ක්ෂේත්රය සහ තෙල් නිෂ්පාදන මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වන ප්‍රහාර තවදුරටත් ඉවසා සිටිය නොහැකි බවත්, එවැනි ප්‍රහාර එල්ල වුවහොත් ඊට සමාන අයුරින් ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බවත් සෞදිය ටෙහෙරානයට දැනුම් දී ඇත.
