රැප් ගායකයකු සහ කත්මන්ඩු නගරයේ හිටපු නගරාධිපති වන Balendra Shah නෙපාලයේ ඊළඟ අගමැති වීමට සූදානම් බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
ඔහු Rastriya Swatantra Party (RSP) පක්ෂයේ නායක ලෙස මැතිවරණයට තරග කළ අතර, ප්‍රකාශිත ඡන්ද ප්‍රතිපල අනුව ඔහුගේ පක්ෂය ඉදිරියෙන් සිටියි.
මෙම මැතිවරණය 2025 සැප්තැම්බර් මාසයේ තරුණ විරෝධතා පසු පැවැති පළමු ජාතික මැතිවරණයයි.
වයස අවුරුදු 35 වන Balendra Shah නෙපාලයේ තරුණ පිරිසේ විශ්වාසය දිනාගත් නායකයෙකු බවට පත්ව සිටීම ඔහුගේ මෙම ජයග්‍රහණයට හේතුවක් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
