පසුගියදා අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගෙන් පසු, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහුගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි (Mojtaba Khamenei) තේරී පත්ව තිබේ.
1969 වසරේ උපත ලැබූ ඔහු, දශක තුනකට අධික කාලයක් ඉරානය පාලනය කළ සිය පියාගෙන් හිස් වූ එම ප්‍රබල ධුරයට පත්වන්නේ කලාපීය දේශපාලන අර්බුද උග්‍ර වී ඇති පසුබිමකය.
මොජ්තබා කමේනි කලක් හමුදා සේවයේ නිරත වී පසුව ආගමික අධ්‍යාපනය ලැබූවෙකි. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඔහු කිසි දිනක ප්‍රසිද්ධ දේශපාලන තනතුරු දරා නොමැති, ප්‍රසිද්ධියේ කථා නොකරන ඉතා නිහඬ චරිතයක් බවයි.
පසුගිය පෙබරවාරි 28 වැනි දින එල්ල වූ ප්‍රහාරයකින් අලි කමේනි ඇතුළු ඔහුගේ පවුලේ පිරිසක් ඝාතනයට ලක්වීමත් සමඟ මෙම නායකත්ව වෙනස සිදු විය.
ඒ අනුව, ඉරාන ඉස්ලාමීය ජනරජයේ ආධ්‍යාත්මික සහ දේශපාලන නායකත්වය මින් ඉදිරියට මොජ්තබා කමේනි විසින් මෙහෙයවනු ඇත.
