ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා යමින් දැවැන්ත ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.
නවතම වාර්තාවලට අනුව බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 108.73 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙය ගෝලීය බලශක්ති ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්ව ඇති කරුණකි.
මෙම මිල ඉහළ යාමට සමාන්තරව අමෙරිකානු WTI බොරතෙල් මිල ද 20% කින් පමණ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. ඒ අනුව එහි බැරලයක මිල ඩොලර් 108ක් ලෙස සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙටි කාලයක් තුළ බොරතෙල් මිල මෙලෙස ඉහළ යාම ලෝක ආර්ථිකයට ප්‍රබල බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අනාවැකි පළ කරති.
බොරතෙල් මිල මෙලෙස ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා තවදුරටත් පැවතීමයි. මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් සැපයුම් මාර්ග සීමා වීම සහ නෞකා ගමනාගමනය අඩාල වීම මෙම අර්බුදයට ඍජුවම බලපා ඇති බව වාර්තා වේ.
