ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් කළ යුතු නිවැරදි වේලාව තීරණය කරනු ලබන්නේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ සිදුකරන සාකච්ඡාවලින් පසු එළඹෙන “අන්‍යෝන්‍ය” තීරණයකට අනුව බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්’ (Times of Israel) පුවත්පත සමඟ පැවති දුරකථන සම්මුඛ සාකච්ඡාවකදීය.
මෙහිදී ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ තමන් සහ අග්‍රාමාත්‍ය නෙතන්යාහු අතර නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවයි.
යුද්ධය අවසන් කිරීමේ අවසාන තීරණය හුදකලා තීරණයක් නොවන බවත්, එය දෙරටේම එකඟතාවය මත “නිවැරදි වේලාවේදී” ගනු ලබන උපායමාර්ගික පියවරක් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
කලාපීය ආරක්ෂාව සහ ඉරානයේ මීළඟ පියවර පිළිබඳව අවධානයෙන් පසුවන බව පවසන අමෙරිකානු ජනාධිපතිවරයා, ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් තම පරිපාලනය උපරිමයෙන් පෙනී සිටින බව ද මෙහිදී යළිත් තහවුරු කළේය.
