ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මොජ්තබා කමේනි පත්වීම කෙරෙහි උතුරු කොරියාව සිය පූර්ණ සහාය පළ කර තිබේ. එරට මධ්‍යම පුවත් ඒජන්සිය (KCNA) වාර්තා කරන පරිදි, නව නායකයෙකු තෝරා පත් කර ගැනීම ඉරානය සතු ස්වෛරී අයිතියක් බවත්, උතුරු කොරියාව එම අයිතියට ගරු කරන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර ඇත.
ඇමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන යුද්ධයේ 12 වැනි දිනය වන අද, උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශය විශේෂ ප්‍රකාශයක් කරමින් කලාපීය තත්ත්වය පිළිබඳ සිය කණස්සල්ල පළ කළේය.
එහිදී ඔවුන් ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර “නීති විරෝධී” බව පවසමින් දැඩි ලෙස හෙළා දුටු අතර, එම රටවල් දෙක මැදපෙරදිග කලාපය තුළ “මැර කණ්ඩායමක්” ලෙස කටයුතු කරන බවට ද චෝදනා කළේය.
මෙම නිවේදනය හරහා පවතින උණුසුම් යුදමය වටපිටාව තුළ ඉරානය සහ උතුරු කොරියාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික එකඟතාව තවදුරටත් තහවුරු වී ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.
