Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනාධිපතිතුමා, පොහොර උරයක් අරගෙන, බඩු ටිකත් දාගෙන, දැන් ලෑස්ති කරලා තියාගන්න – බලංගොඩ කස්සප හිමි

9 months ago

පුද්ගලීකරණය කිරීමට ඉඩ නොදෙන බවට සඳහන් කරමින් බලයට පැමිණි පිරිස්, බලයට පත්වීමෙන් පසු රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකුණමින් ඇති බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමි පවසනවා.

විදුලිබල මණ්ඩලය ලාභ ලැබීම පිළිබඳ ගැටලුවක් නොමැති බවත්, නමුත් සිදු කිරීමට තිබුණේ කාර්යක්ෂමතාව වැඩි කිරීම බවත්, ඒ වෙනුවට සිදු කළේ එය කොටස් හයකට කඩා විකුණන තැනට කටයුතු කිරීම බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ගෙදර යෑමට සිදු වූයේ බලශක්ති අර්බුදය නිසා බවද, ඔහුට අඛණ්ඩව විදුලිය ලබා දීමට නොහැකි වූ බවද, තෙල් හා ගෑස් අර්බුදයට ලක් වී පෝලිම් නිර්මාණය වීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ පලවා හැරීමට ජනතාව ක්‍රියාත්මක වූ බවද උන්වහන්සේ ප්‍රකාශ කළා.

අද වන විට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකට සිදුව ඇත්තේ ද එම දෙයම බවත්, මිනිසුන්ට මෙතරම් බරක් දෙන විට ඔවුන් ඉවසා නොසිටින බවත් උන්වහන්සේ සඳහන් කළා.

පොහොර උරයක් රැගෙන, බඩුමුට්ටු ටික දමාගෙන සූදානම් කර තබාගන්නා ලෙසට ජනාධිපතිවරයාට මතක් කරන බවයි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.