ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සහ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ (IRGC) ඉහළ පෙළේ නායකයින් පිළිබඳ තොරතුරු සපයන්නන් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ දැවැන්ත මූල්‍ය ත්‍යාගයක් ලබාදීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව දියත් කර ඇති යුද මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා මැදපෙරදිග කලාපයට අමතර භට පිරිස්, මැරීන් භටයින් සහ නාවික නෞකා යෙදවීමට ද අමෙරිකාව පියවර ගෙන ඇත. මෙය කලාපය තුළ අමෙරිකානු යුද ශක්තිය තවදුරටත් වර්ධනය කිරීමේ පියවරක් ලෙස සැලකේ.
