Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආන්දෝලනාත්මක සිද්ධිය ගැන සල්මන් අලි අගා කට අරියි

8 months ago

පාකිස්තානය සහ බංග්ලාදේශය අතර ඊයේ (13) පැවති තරගයේදී පාකිස්තාන ක්‍රීඩක සල්මන් අලි අගා (Salman Ali Agha) දවාගැනීම සඳහා බංග්ලාදේශ නායක මෙහිදි හසන් මිරාස් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි අප්‍රසාදයක් පළවී තිබේ.

පන්දුව පෑඩ් එකේ වැදී පිත්තේ වැදුණු අවස්ථාවේදී එය පන්දු යවන්නා වෙත ලබාදීමට උත්සාහ කළ සල්මන් අලි අගා, එම අවස්ථාවේදී තම සීමාවෙන් (Crease) පිටත සිටීම ප්‍රයෝජනයට ගනිමින් මෙහිදි හසන් මිරාස් ඔහුව දුවද්දී දවාගැනීමට ලක් කළේය. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමින් අගා කියා සිටියේ තමා කිසිසේත්ම ලකුණක් කරා දිවයාමට උත්සාහ නොකළ බවයි.

“ඔහු කළ දේ නීතියට එකඟයි. නමුත් මම හිතන්නේ එය වෙනස් ආකාරයකින්. අපි මීට පෙර මෙවැනි දෙයක් කර නැහැ, අනාගතයේදීත් කරන්නේ නැහැ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම දවාගැනීමෙන් පසු සල්මන් අලි අගා දැඩි කෝපයෙන් ක්‍රීඩාගාරය වෙත ගිය අතර, එහිදී ක්‍රීඩකයින් දෙදෙනා අතර වචන හුවමාරුවක් ද සිදු විය. ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම මොහොතේ පැවති උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් දෙදෙනාම යහපත් දේවල් නොකී බව තමාට විශ්වාස බවයි. කෙසේ වෙතත්, එම අත්දැකීම පිටියට පමණක් සීමා වූ බව ද ඔහු සඳහන් කළේය.

මෙම මතභේදාත්මක සිදුවීම මධ්‍යයේ වුවද, පාකිස්තාන කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 128ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය මේ වන විට 1-1ක් ලෙස සම තත්ත්වයේ පවතී.