Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඊශ්‍රායලය අගමැති නෙතන්යාහුට දැඩි ජීවිත තර්ජනයක්

8 months ago

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉලක්ක කර ප්‍රහාර දියත් කර ඔහුව මරා දැමීමට කටයුතු කරන බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය සිය නිල නිවේදනයක් හරහා නෙතන්යාහු “ළමා ඝාතක අපරාධකරුවෙකු” ලෙස හඳුන්වා දී ඇත. “මෙම ළමා ඝාතක අපරාධකරු ජීවතුන් අතර සිටී නම්, අපි ඔහුව සම්පූර්ණ බලයෙන් ලුහුබැඳ ගොස් මරා දමනවා” යනුවෙන් ඔවුන් එහිදී අවධාරණය කර තිබේ.