Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සෞදියට ඉරානයෙන් දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක්

8 months ago

සෞදි අරාබියේ රියාද් අගනුවර අසල පිහිටි උපායමාර්ගිකව වැදගත් ‘ප්‍රින්ස් සුල්තාන්’ (Prince Sultan) ගුවන් කඳවුර ඉලක්ක කරගනිමින් ඉරානය විසින් යළිත් වරක් ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාරයත් සමඟ මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාව තවදුරටත් වර්ධනය වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

සෞදි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ, රියාද් සහ නැගෙනහිර පළාත් ඉලක්ක කරගනිමින් පැමිණි ප්‍රහාරක ඩ්‍රෝන යානා 10ක් පමණ සාර්ථකව ව්‍යාර්ථ කිරීමට තමන් සමත් වූ බවයි. කෙසේ වෙතත්, ඉරානයේ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය (Fars News Agency) වාර්තා කර ඇත්තේ මෙම කඳවුර වෙත ප්‍රබල ‘සැල්වෝ’ (Salvo) මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවයි.

‘සැල්වෝ’ මිසයිල ප්‍රහාරයක් යනු තනි ඉලක්කයක් හෝ නිශ්චිත ප්‍රදේශයක් විනාශ කිරීම සඳහා එකවර මිසයිල විශාල සංඛ්‍යාවක් දියත් කිරීමේ උපක්‍රමයකි. ඉරානය සහ රුසියාව වැනි රටවල් මෙම යුද උපක්‍රමය පුළුල් ලෙස භාවිත කරන අතර, එමගින් සතුරාගේ ගුවන් ආරක්ෂක පද්ධති අභිබවා යාමට ඔවුන් උත්සාහ කරයි.

‘ප්‍රින්ස් සුල්තාන්’ ගුවන් කඳවුර සැලකෙන්නේ අමෙරිකානු යුධ ගුවන් යානා ගණනාවකට නිවහන ලෙසින්ය.