මැදපෙරදිග කලාපයේ උග්රවෙමින් පවතින ඉරාන-ඊශ්‍රායල යුද ගැටුම් හේතුවෙන් අහිංසක ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි වීම සහ සිවිල් වැසියන් දැඩි පීඩාවකට පත්වීම සම්බන්ධයෙන් පාප් වහන්සේ සිය දැඩි කනස්සල්ල පළ කරමින් යුද ගැටුම් වහා නතර කරන ලෙස ඉල්ලා සිටිනවා.
ශාන්ත පීතර චතුරස්රයේ පැවති සිය සතිපතා දේව මෙහෙයේදී අදහස් දක්වමින් පාප් වහන්සේ මේ බව අවධාරණය කළ අතර, යුද්ධය තෙවන සතියට එළඹී ඇති මෙම අවස්ථාවේදී, “යුද්ධයේ දරුණු ප්රචණ්ඩත්වය” හමුවේ දහස් ගණන් සිවිල් වැසියන් මියගොස් ඇති බවත්, තවත් බොහෝ පිරිසක් අවතැන් වී ඇති බවත් උන්වහන්සේ කියා සිටියා.
“පසුගිය සති දෙක පුරා මැදපෙරදිග ජනතාව යුද්ධයේ දරුණු ප්‍රචණ්ඩත්වයෙන් පීඩා විඳිමින් සිටිනවා,” යනුවෙන් පැවසූ පාප් වහන්සේ, මෙම ගැටුමට වගකිවයුතු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේ වහාම සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙසයි.
“මැදපෙරදිග වෙසෙන කිතුනුවන් සහ යහපත් කැමැත්තක් ඇති සියලුම දෙනා වෙනුවෙන්, මෙම ගැටුමට වගකිවයුතු පාර්ශවයන්ගෙන් මම ඉල්ලා සිටිනවා: කරුණාකර යුද්ධය නවත්වන්න!” යැයි උන්වහන්සේ දැඩි ලෙස අවධාරණය කළා.
