Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුමාර් ධර්මසේනට එරෙහිව පාකිස්ථානයෙන් පැමිණිල්ලක්

8 months ago

පාකිස්ථානය සහ බංග්ලාදේශය අතර පැවති තීරණාත්මක තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා විනිසුරු කුමාර් ධර්මසේන මහතා ගත් තීරණයකට එරෙහිව පාකිස්ථාන ක්‍රිකට් කළමනාකාරිත්වය නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

Cricinfo වෙබ් අඩවිය වාර්තා කරන පරිදි, මෙම ගැටලුව පැනනැගී ඇත්තේ බංග්ලාදේශ කණ්ඩායම විසින් තෙවැනි විනිසුරු තීරණයක් (DRS Review) ඉල්ලා සිටි අවස්ථාවකදීය. අදාළ තීරණය ලබාගැනීම සඳහා නියමිත කාලය (තත්පර 15) බංග්ලාදේශ ක්‍රීඩකයින් විසින් ඉක්මවා තිබුණද, පිටිය මැද විනිසුරු ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේන මහතා ඊට අවස්ථාව ලබාදී ඇති බව පාකිස්ථානය චෝදනා කරයි.

මෙම සිදුවීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නීතිරීතිවලට පටහැනි බව පෙන්වා දෙමින් පාකිස්ථාන කළමනාකාරිත්වය විසින් තරග තීරක නීයමූර් රෂීඩ් (Neeyamur Rashid) වෙත සිය විරෝධය පළ කර ඇත. තරගයේ තීරණාත්මක අවස්ථාවකදී සිදුවූ මෙම මැදිහත්වීම තරගයේ ප්‍රතිඵලයට බලපෑමක් එල්ල කළ හැකි බව පාකිස්ථාන පාර්ශවයේ මතය වී තිබේ.