ආරක්ෂක හේතූන් මත තාවකාලිකව අත්හිටුවා තිබූ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් මෙහෙයුම්වලින් තෝරාගත් ගුවන් ගමන් කිහිපයක් ක්‍රමයෙන් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ඩුබායි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
මෙලෙස ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවනු ලැබුවේ මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීමේ “පූර්ව ආරක්ෂිත පියවරක්” ලෙස බව බලධාරීහු අවධාරණය කරති. කලාපයේ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් උපරිම ආරක්ෂාව සහතික කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන තිබුණි.
ඒ අනුව, ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණෙන සහ ඉන් පිටත්ව යන ගුවන් ගමන් කිහිපයක් අද සිට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කිරීමට නියමිතය. කෙසේ වෙතත්, සම්පූර්ණ මෙහෙයුම් යථා තත්ත්වයට පත්වන තෙක් ගුවන් ගමන් කාලසටහන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ගුවන් සේවා බලධාරීන් මගීන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රමාද වූ හෝ අවලංගු වූ ගුවන් ගමන් පිළිබඳව අදාළ ගුවන් සමාගම් හරහා තොරතුරු ලබාගැනීමට පියවර ගන්නා ලෙස ද ගුවන් තොටුපළ බලධාරීන් වැඩිදුරටත් දැනුම් දෙයි.
