2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය යටතේ ඉරානය සහභාගී වීමට නියමිත සියලුම තරග අමෙරිකා එක්සත් ජනපදය වෙනුවට මෙක්සිකෝවේදී පවත්වන ලෙස ඉරාන පාපන්දු සම්මේලනය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් (FIFA) ඉල්ලීමක් කර තිබේ.
ඉරාන පාපන්දු සභාපති මෙහ්දි තාජ් (Mehdi Taj) මහතා පෙන්වා දෙන්නේ වත්මන් දේශපාලන වාතාවරණය හමුවේ ඉරාන ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලුවක් පවතින බවයි.
විශේෂයෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බවට සිදු කළ ප්‍රකාශය මෙම තීරණයට සෘජුවම බලපා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මුල් සැලසුම්වලට අනුව ඉරාන කණ්ඩායම සහභාගී වන මූලික වටයේ තරග කිහිපයක් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් (Los Angeles) සහ සීඇටල් (Seattle) යන නගරවල පැවැත්වීමට නියමිතව තිබුණි.
