ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි ‘ඕමාර් මත්ද්‍රව්‍ය නාශක ප්‍රතිකාර රෝහල’ (Omar Addiction Treatment Hospital) වෙත පකිස්ථාන හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 400කට අධික පිරිසක් මියගොස් ඇති බව ඇෆ්ගන් බලධාරීහු තහවුරු කරති.
කෙසේ වෙතත්, පකිස්ථාන රජය මෙම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.
ඊයේ (16) රාත්‍රී 9:00ට පමණ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ඇඳන් 2,000කින් සමන්විත මෙම රෝහලේ විශාල කොටසක් විනාශ වී ඇති බව ඇෆ්ගනිස්ථාන තලේබාන් රජයේ නියෝජ්‍ය ප්‍රකාශක හම්දුල්ලා ෆිට්රාට් පවසනවා.
ඔහු ‘X’ පණිවුඩයක් මගින් සඳහන් කර තිබෙනවා.
“අවාසනාවකට මෙන්, මරණ සංඛ්‍යාව මේ වන විට 400 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් 250ක් පමණ තුවාල ලබා තිබෙනවා. සහන කණ්ඩායම් මේ වන විටත් එම ස්ථානයේ ගින්න නිවීමට සහ වින්දිතයන්ගේ සිරුරු සොයා ගැනීමට කටයුතු කරමින් සිටිනවා,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
පකිස්ථාන තොරතුරු අමාත්‍ය අටාවුල්ලා ටාරාර් සහ අගමැති ප්‍රකාශක මොෂාරෆ් සයිඩි පවසන්නේ තම හමුදාව ඉලක්ක කළේ කාබුල් සහ නන්ගහාර් (Nangahar) ප්‍රදේශවල පිහිටි සටන්කාමීන්ගේ අවි ගබඩා සහ තාක්ෂණික මධ්‍යස්ථාන පමණක් බවයි. සිවිල් වැසියන් ඉලක්ක කළ බවට කරන ප්‍රකාශ අසත්‍ය බවත්, තලේබාන්වරුන් ත්රස්තවාදීන්ට රැකවරණය දීම වසන් කිරීමට මෙවැනි ප්‍රකාශ සිදු කරන බවත් පකිස්ථානය පවසයි.
