ඉරානයේ ජාතික ආරක්ෂක තීරණ ගන්නා ප්‍රධානතම නිලධාරියා මෙන්ම උපරිම ජාතික ආරක්ෂක මණ්ඩලයේ (SNSC) ලේකම්වරයා වන අලි ලාරිජානි (Ali Larijani) ඊශ්‍රායල හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඝාතනය වී ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
ඔහු ඉරානයේ ආරක්ෂක තීරණ ගන්නා ප්‍රධානතම පුද්ගලයා වූ බැවින්, මෙම මරණය වත්මන් යුද තත්ත්වයට විශාල බලපෑමක් එල්ල කරනු ඇත.
ඔහු ඉරාන ජනාධිපතිවරයාගේ සහ නැසීගිය උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ නියෝජිතයෙකු ලෙසද කටයුතු කර ඇත.
ඔහු 2008 සිට 2020 දක්වා වසර 12ක් පුරා ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස කටයුතු කළ ප්‍රබල දේශපාලනඥයෙකි.
2005-2007 කාලයේ ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික සාකච්ඡාකරු ලෙස ජාත්‍යන්තර මට්ටමින් කටයුතු කර ඇත
